Skip to main content

Digital Terrestrial Television Broadcasting Project

ICT Division

රූපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇරඹේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහයෝගීත්වයෙන් රූපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ කටයුතු පසුගිය දා (11) ඇරඹිනි. ඒ අනුව ව්‍යාපෘති කළමණාකරණ ඒකකය නිල වශයෙන් විවෘත කිරීම ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයේ පිහිටි නව ගොඩනැගිල්ලේ දී ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

එහිදී ව්‍යාපෘති කළමණාකරන ඒකකය නිල වශයෙන් විවෘත කිරීම සහ නව කාර්‍යමණ්ඩලයට පත්වීම් ලබාදීම මෙන්ම ව්‍යාපෘතියේ නව වෙබ් අඩවිය වන www.dttb.gov.lk දියත් කිරීමද සිදු විය.

ශ්‍රී ලංකා රූපවාහිනී සන්නිවේදනය නව යුගයකට ගෙන යමින් රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කරන ලද්දේ 2014 වසරේ වන අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් කර තිබිණ. එහෙත් විවිධ හේතුන් මත සමාරම්භක අවස්ථාවලට පමණක් එය සීමා වී තිබූ අතර වසර 11 ගත වුවද අදවන තෙක් එහි ආරම්භයක් දක්නට නොලැබිණ.

ඒ අනුව වර්තමානයේ දී ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබේ.

රූපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘතිය නරඹන්නන් සහ රජය යන පාර්ශව තුනටම ප්‍රතිලාභ අත්වන ව්‍යාපෘතියක් වන අතර මෙමඟින් රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත්වීම නිසා ප්‍රේක්ෂකයන්ට පැහැදිළි දසුන් සහිත වැඩසටහන් නැරඹීමට මෙන්ම සියලුම නාලිකා ග්‍රහනය කරගැනීමේ හැකියාවද හිමි වේ. මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ වැඩබලන ලේකම් වරුණ ධනපාල, ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් බන්දුල හේරත් මහතා සහ අමාත්‍යංශ නිලධාරීන්, රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Work Commences on the Digitalization of Terrestrial Television Broadcasting (DTTB) Project

With the collaboration of the Ministry of Digital Economy and the Ministry of Mass Media, activities of the Digitalization of Terrestrial Television Broadcasting (DTTB) Project commenced on the 11th. Accordingly, the Project Management Unit was officially declared open at the new building located within the premises of the Broadcasting Corporation, under the patronage of Hon. Eranga Weeraratne, Deputy Minister of Digital Economy.

At this occasion, the Project Management Unit was officially opened, appointments were presented to the new staff, and the project’s new website, www.dttb.gov.lk, was launched.

Plans to launch the DTTB Project in Sri Lanka, which aims to usher the country’s television communication into a new era, were made as far back as 2014, along with the signing of the relevant Memorandum of Understanding. However, due to various reasons, the project remained at the ceremonial stage only, and even after 11 years, no actual commencement was seen. Under the guidance of the President, the Ministry of Digital Economy and the Ministry of Mass Media have now taken steps to expedite the project.

The DTTB Project is one that will benefit viewers, the government, and broadcasters alike. With the elimination of signal weaknesses, viewers will be able to watch programs with clearer visuals and also gain the ability to receive all channels.

The occasion was attended by Acting Secretary to the Ministry of Digital Economy, Waruna Sri Dhanapala; Director General of the Telecommunications Regulatory Commission of Sri Lanka, Bandula Herath; ministry officials; and heads of state media institutions, among others.

image 01image 02image 03image 04image 05image 06