Skip to main content

MoT Editor

කොළඹ විශ්ව විද්‍යාලීය පරිඝනක අධ්‍යනායතනය (UCSC) විසින් සංවිධානය කරන ලද 2026 අයවැයෙහි ඩිජිටල් ආර්ථිකය සම්බන්ධ පසු විශ්ලේෂණ වැඩසටහන පසුගිය දා සාර්ථකව පැවැත්වූණු අතර, මේ සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ගමන මඟ පිළිබිඹු කිරීම වෙනුවෙන් රජයේ, කර්මාන්ත සහ ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ නායකයින් එක්ව සිටිය හ. අභියෝගාත්මක කාලගුණය මධ්‍යයේ වුවද, පිරිසගේ සහභාගීත්වය සහ උද්යෝගය ශ්‍රී ලාංකිකයන් සහයෝගීව සහ නවෝත්පාදනය සමඟ ඉදිරියට යාමට සූදානම් බව තහවුරු කරන්නක් විය.

AI, දත්ත සහ API පාලනය, PDPA සූදානම සහ ආරක්ෂිත ඩිජිටල් පොදු යටිතල පහසුකම් වෙනුවෙන් අනාගතය සඳහා ඉඩ සලසන ඩිජිටල් පාලන අනුග්‍රාහකයා ලෙස XAPI හි සහයෝගය සහ සංසදය පුරාවටම ලබාදුන් දායකත්වය පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වශයෙන් බෙහෙවින්ම අගය කරන්නෙමු. මෙහිදී ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, එරංග වීරරත්න; ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, කර්මාන්ත ක්ශේත්‍රය නියෝජනය කරමින් ඉමාල් කළුතොටගේ සහ සැසිය හසුරවමින් අනුදි නානායක්කාර සිය බුද්ධුමය දායකත්වය ලබා දුන්හ.

මෙම සැසිය ප්‍රතිපත්ති, කර්මාන්ත සහ නවෝත්පාදන අතර සබධතාවන් ශක්තිමත් කරන අතර ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය නව මානයක් කරා ගෙනයනු ඇත.

image 01image 02image 05image 03image 04image 06

MoT Editor

Google ආයතනය සමඟ සම්බන්ධ වෙමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශකත්වය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනට A සහ B ශ්‍රේණියේ මාර්ග පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු කර තිබේ. Google ආයතනය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත Google GMCP (google Map content partner) ලබා දී ඇති අතර මේ හේතුවෙන් මෙම යාවත්කාලීන කිරීම් මර්ග සංවර්ධන අධිකාරියට සිදු කිරීමේ අවකාශය හිමි ව ඇත.

මෙම වැඩසටහනේ දෙවන අදියරය වශයෙන් සෙසු මාර්ග පද්ධති ද යාවත්කාලීන කිරීමට නුදුරේදී කටයුතු කෙරේ.

MoT Editor

අද දින වෘත්තීය තාක්‍ෂණ විශ්ව විද්‍යාලයෙහි දී "ඩිජිටල් වේදිකා වල නිවැරදි පාලනය පිළිබඳ ජාතික උපදේශනය" යන මැයෙන් පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, ශ්‍රී ලංකාවේ ඩිජිටල් වේදිකා සම්බන්ධයෙන් වගවීම සඳහා කලාපීය ප්‍රතිපත්තියක අවශ්‍යතාව පිළිබඳව පැහැදිළි කළේය. ත්‍රිභුවන් විශ්ව විද්‍යාලය (නේපාලය), ජහංගිර්නගර් විශ්ව විද්‍යාලය (බංග්ලාදේශය) සහ UoVT (ශ්‍රී ලංකාව) යුනෙස්කෝව සමඟ සංවිධානය කරන ලද මෙම සමුළුව සයිබර් ආරක්ෂාව සහ අයිතිවාසිකම් මත පදනම් වූ පාලනයන් සම්බන්ධයෙන් පැවැත්විණ.

ත්‍රිභුවන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය කුන්දන් ආර්යල්, වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කරන අතරම ප්‍රකාශනයේ නිදහස ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් සිය දේශනය ඉදිරිපත් කළේය. යුනෙස්කෝ නියෝජිත නිර්ජනා ෂර්මා මහත්මිය ඩිජිටල් වේදිකා පාලනය සඳහා යුනෙස්කෝ මාර්ගෝපදේශ පිටුපස ඇති තාර්කික පසුබිම සම්බන්ධයෙන් පැහැදිලි කළාය.

image 01image 02image 05image 03image 04image 06

MoT Editor

ඔබගේ පරිත්‍යාග විශ්වාසනීයත්වයෙන් හා විනිවිදභාවයෙන් යුතුව සෘජුවම ආපදා සහන කටයුතු සඳහා යොමු කිරීමට රජයේ නිල වෙබ් අඩවිය වන www.donate.gov.lk වෙත පිවිසෙන්න.

එක්ව ගොඩනගමු ශ්‍රී ලංකා!

ඔබට දායක වීමට පහසුම ක්‍රම 3ක්!

-මුදල්, -උපකරණ

  • බැංකු තැන්පතු.

ඔබට පහසු ඕනෑම ආකාරයකින් රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න. වැඩි විස්තර සඳහා: www.donate.gov.lk

දැන් ඔබටත් ඉහත සබැඳිය භාවිතා කර ඔබගේ සමාජ මාධ්‍ය සේයාරුව සකස්කර ගත හැකි අතර එමගින් දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් රට නැවත ගොඩනැගීමේ පණිවිඩය ඉදිරියට ගෙනයාමට දායක වියහැක.

Profile picture frame: https://donate.gov.lk/photo-frame

To donate: https://donate.gov.lk/

ඉක්මණින් පහසුවෙන් ඔබේ පරිත්‍යාග ලබා දෙන්න. දැන් ඔබට 'Bank details for manual donations' වෙත පිවිස බැංකු තැන්පතු විස්තර ලබා ගත හැකියි. www.donate.gov.lk එක්ව ගොඩනගමු ශ්‍රී ලංකා.

ඔබට දැන් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් උපකරණ හෝ භාණ්ඩ පරිත්‍යාග කළ හැකියි. 'Donate Equipment/Items' ඔස්සේ ඔබේ භාණ්ඩ දායකත්වය සඳහා ලියාපදිංචි වන්න. www.donate.gov.lk

ඔබේ පරිත්‍යාග ක්ෂණිකව පහසුවෙන් ලබා දෙන්න! දැන් ඔබට www.donate.gov.lk සඳහා ක්‍රෙඩිට් කාඩ් මගින් තත්පර කිහිපයකින් මාර්ගගතව (Online) පරිත්‍යාග එක් කළ හැකියි. මේ ඔබේ සහෝදරත්වයේ සරණ අවැසිම මොහොතයි.

යුතුකමේ මෙහෙවර ව්‍යසනයෙන් පීඩාවට පත් අපේ ජනතාවට සහාය වීම වෙනුවෙන් donate.gov.lk වෙබ් අඩවිය දැන් සක්‍රීයයි! එක්ව ගොඩනගමු ශ්‍රී ලංකා www.donate.gov.lk

MoT Editor

NASSCOM නායකත්වය ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන්, ගරු, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්‍ය හාන්ස් විජයසූරිය , ආයෝජන මණ්ඩලයේ සභාපති, අර්ජුන හේරත්, SLASSCOM නියෝජිතයින් ඇතුළු පිරිස අතර තාක්‍ෂණ, නව්‍යකරණ සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ හමුවක් පැවැත්වීය.

මෙම සංවාදයේදී ශ්‍රී ලංකා–ඉන්දියා තාක්‍ෂණික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම, නව්‍යකරණ හා හැකියා සංවර්ධනය, ආයෝජන අවස්ථා සොයා බැලීම, සහ ICT අංශයේ වර්ධන වේගවත් කිරීමට යෝජිත ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කළේය.

මෙම හමුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තාක්‍ෂණික බැඳීම් තවදුරටත් ශක්තිමත් කළ අතර, නව අවස්ථා හඳුනා ගනිමින් SLASSCOM–NASSCOM සහෝයෝගීත්වය වැඩිදියුණු කිරීමට නව මාර්ග විවෘත කරන්නක් විය.

image 01image 02image 03image 04image 05image 06

MoT Editor

විපතට පත් ජනතාවට සහන සැලසීමට HUTCH සමාගමෙන් රුපියල් ලක්ෂ 600ක මූල්‍යමය පරිත්‍යාගයක්.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර, ඒ අනුව අද (04) දිනයේදී HUTCH සමාගම විසින් රුපියල් ලක්ෂ 600ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

ව්‍යාපෘති අධ්‍යක්ෂ - හචිසන් ආසියා ටෙලිකොම් හොංකොං/හච්හි අධ්‍යක්ෂ ඈන් චෙන් සහ හච්හි ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි සෞමිත්‍ර ගුප්තා යන මහත්ම මහත්මීන් විසින් ඊට අදාළ චෙක්පත අද (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

අනතුරුව හච් සමාගමේ නිලධාරීන් සමඟ සුහද කතාබහකට එක්වූ ජනාධිපති ලේකම්වරයා විපතට පත් ජනතාව වෙනුවෙන් ලබා දුන් දායකත්වය සම්බන්ධව සිය ස්තුතිය පුද කර සිටියේය.

මීට අමතරව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් නොමිලේ ඇමතුම්, දත්ත සහ කෙටි පණිවුඩ ලබා දීම, ජංගම ආරෝපණ කුටි යෙදවීම සහ සන්නිවේදන කුළුණු කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා ගුවන් යානා ඉංජිනේරුවන් යෙදවීමටද HUTCH සමාගම කටයුතු යොදා ඇත.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL)සභාපති වරුණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත්, හච්හි (වැඩබලන ප්‍රධාන මූල්‍ය නිලධාරි) ශකිල විජේසිංහ, හච්හි අලෙවි සන්නිවේදන කළමනාකරු දිලානි ෆොන්සේකා, හච්හි ජ්‍යෙෂ්ඨ අලෙවි නිලධාරී තිසර නිපුන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

image 01image 02image 03

MoT Editor

ජල ගැලීම් වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීමට SLT-MOBITEL වෙතින් නොමිලේ ‘247 උපකාරක සේවාවක්'!

දිට්වා සුළි කුණාටුවෙන් පසු ආපදාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා, SLT-MOBITEL විසින් කොළඹ විශ්ව විද්‍යාලය ද සමඟ සහයෝගීතාවයෙන් යුතුව නොමිලේ ‘247 උපකාරක සේවාව‍ේ හඳුන්වා දී තිබේ. මෙම හදිසි උපකාරක සේවාව පැය 24 පුරාම වෛද්‍ය උපදෙස් සහ හදිසි උපකාරක සහාය ලබා දීම සඳහා ස්ථාපනය වී තිබේ. පවතින අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ, සතියේ දින හතේ පැය 24 තුළම සක්‍රියව සේවයට කැපවූ වෛද්‍ය වෘත්තිකයින් කණ්ඩායමක් සමග සහය ඇවැසි ඇමතුම් ලබාදෙන්නන්ව වෛද්‍ය උපදෙස් සඳහා සම්බන්ධ කිරීම මෙම සේවාව මගින් සිදුවනු ඇත.

ජල ගැලීම් හේතුවෙන් සිදුවී ඇති තුවාල, උණ රෝගී තත්වයන්, ජලයෙන් බෝවන රෝග, හුස්ම ගැනීමේ අපහසුතා හෝ ජල ගැලීම් හේතුවෙන් පැන නගින වෙනත් ඕනෑම සෞඛ්‍ය ගැටළුවක් නිසා පීඩාවට පත්ව සිටින ඕනෑම අයෙකුට ක්ෂණිකව අවශ්‍ය වෛද්‍ය උපදෙස්, 247 අංකය අමතා ලබා ගැනීමේ හැකියාව මෙම සේවාව ඔස්සේ ලැබෙනු ඇත. ආපදාවට ලක්වූ සියලු දෙනා හටම ප්‍රවේශය ලබාගැනීමට හැකියාව සලසමින්, ශ්‍රී ලංකාවේ සියලුම දුරකථන ඇමතුම් ජාල හරහා මෙම සේවාව වෙත ප්‍රවිෂ්ඨ වීමට හැකියාව ඇත.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL, මෙම අභියෝගාත්මක කාලය තුළදීත් ශ්‍රී ලාංකිකයින්ට සහාය ලබාදීමට නිරන්තරයෙන්ම කැපවීමෙන් කටයුතු කරයි. විශේෂයෙන් සෑම පුරවැසියෙකුම ආරක්ෂිතව සිටින බවත්, ඔවුන්ට සිය ආදරණීයයන් සමඟ මෙන්ම හදිසි සේවාවන් සමඟද සම්බන්ධතාවය පවත්වා ගැනීමට හැකියාව තිබෙන බවත් සහතික කර ගැනීම සඳහා SLT-MOBITEL ඇප කැප වී සිටී. ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසී හවුල්කරුවෙකු ලෙස සෑම විටම ඔවුන් සමඟ එක්ව සිටගන්නා SLT-MOBITEL, මෙම සුළි කුණාටුවේ විනාශකාරී බලපෑමෙන් නැවත නැගී සිටීම සඳහා ජාතිය එක්ව කටයුතු කරන අතරතුර, අත්‍යවශ්‍ය සන්නිවේදන සහාය සහ වෛද්‍ය සහාය ලබා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී සිටී.

මෙම අභියෝගාත්මක කාලය තුළ අවධානයෙන් පසුවන ලෙසටත්, ප්‍රජාවක් ලෙස එකට එක්ව සිටින ලෙසටත්, එකිනෙකා ගැන සොයා බලමින්, ආරක්ෂිතව සහ සාමූහිකව සිටින ලෙසටත් SLT-MOBITEL විසින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

SLT-MOBITEL introduces free '247 Medical Assistance Service' to support communities affected by floods.

In response to the aftermath of Cyclone Ditwah, SLT-MOBITEL, in collaboration with the University of Colombo, launched a free '247 Medical Assistance Service' to provide relief to communities impacted by the disaster.

This emergency assistance service has been set up to offer medical advice and emergency support around the clock.

During this challenging period, a team of dedicated medical professionals will be available 24 hours a day, seven days a week, to connect those in need with medical advice through emergency calls.

This service is designed to assist anyone experiencing health issues due to flood-related injuries, fever conditions, waterborne diseases, breathing difficulties, or any other health problems caused by the floods. By dialing 247, citizens can immediately receive the medical guidance they need. The service is accessible to all individuals in Sri Lanka, and it is available through all telephone networks in the country.

As the national provider of telecommunications services, SLT-MOBITEL remains committed to supporting the people of Sri Lanka, especially during such challenging times.

MoT Editor

විදුලිබලය ඇණහිටීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සන්නිවේදන ජාලා අඩපණ වී තිබේ. එම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා වන හමුවක් අද දින ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ සහ විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් බන්දුල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මේ වනවිට ඉන්ධන සැපයීම, කුළුණු යතා තත්වයට පත් කිරීම සහ තාක්ෂණික දෝෂ සම්පූර්ණයෙන් වළක්වා ගැනීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන, ආරක්ෂක අංශ සහ දුරකතන සමාගම් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබේ.

අද දිනය තුළ මහනුවර, ගම්පොළ, මාතලේ ඇතුළු බොහෝ ප්‍රදේශ හමුදා සහයත් සමඟ එක්ව යථා තත්වයට පත් කෙරේ.

මේ ව්‍යසනකාරී මොහොතේ සියලු දෙනා එක්ව නැගිටිමු.

மின் தடை காரணமாக தீவின் பல பகுதிகளில் தகவல் தொடர்பு வலையமைப்புகள் துண்டிக்கப்பட்டுள்ளன. நிலைமை குறித்து விவாதித்து தேவையான அவசர நடவடிக்கைகளை எடுப்பதற்காக டிஜிட்டல் பொருளாதார பிரதி அமைச்சர் எரங்க வீரரத்ன மற்றும் தொலைத்தொடர்பு ஒழுங்குமுறை ஆணையத்தின் இயக்குநர் ஜெனரல் பந்துல ஹேரத் தலைமையில் இன்று ஒரு கூட்டம் நடைபெற்றது.

டிஜிட்டல் பொருளாதார அமைச்சகம், “சுத்தமான இலங்கை” திட்டம், பாதுகாப்புப் படைகள் மற்றும் தொலைத்தொடர்பு நிறுவனங்கள் எரிபொருள் வழங்குதல், கோபுரங்களை மீட்டமைத்தல் மற்றும் தொழில்நுட்பக் கோளாறுகளை முற்றிலுமாகத் தடுப்பதற்கான கூட்டு நடவடிக்கையைத் தொடங்கியுள்ளன.

கண்டி, கம்பளை, மாத்தளை மற்றும் பிற பகுதிகள் உட்பட பல பகுதிகள் இன்று இராணுவத்தின் ஆதரவுடன் மீட்டெடுக்கப்படும் என்று எதிர்பார்க்கப்படுகிறது.

இந்த பேரிடர் நேரத்தில் நாம் அனைவரும் ஒன்றாக எழுவோம்.

With the ongoing adverse weather conditions causing disruptions to the electricity supply, communication networks in many parts of the island have gone down.

A meeting to discuss this situation and to take the necessary immediate measures was held today under the leadership of the Hon. Deputy Minister of Digital Economy, Eng. Eranga Weerarathna, and the Director General of the Telecommunications Regulatory Commission of Sri Lanka, Air Vice Marshal (Rtd.) Bandula Herath.

At present, the Ministry of Digital Economy, the “Clean Sri Lanka” programme, the security forces, and the telecommunication companies have launched a coordinated operation to restore the fuel supply, return towers to normal functioning, and fully prevent technical faults.

Many areas, including Kandy, Gampola, and Matale, are expected to be restored to normalcy today with the assistance of the Army.

image 01image 02image 03image 04image 05image 06

MoT Editor

ආපදා හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම

ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සන්නිවේදන පහසුකම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ හමුවක් අද දින (2025 නොවැම්බර් 28) පෙරවරුවේ දී පැවැත්විණි. ඩිජිටල් ආර්ථික ගරු, නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා, TRCSL නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ආපදා කළමනාකරණ ඒකකයේ සාමාජිකයෝ සහභාගී වූහ. තවද, ජංගම දුරකථන සේවා සපයන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ ද මෙම සාකච්ඡාවට එක් වූහ.

එහිදී සන්නිවේදන සම්බන්ධතා බිඳ වැටී ඇති ස්ථාන යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. ඒ අනුව, බිඳ වැටී ඇති සන්නිවේදන යටිතල පහසුකම් කඩිනමින් අලුත් වැඩියා කිරීම සඳහා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාවේ ආපදා කළමනාකරණ ඒකකය එක්ව කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර විදුලි බලය ඇණහිටීම හේතුවෙන් සම්බන්ධතා ඇණහිට ඇති ස්ථානවලට උපස්ථ විදුලි බල (Backup Power) පහසුකම් ලබා දීම සඳහා විදුලි බල මණ්ඩලය සමඟ සාකච්ඡා කර කඩිනමින් ඒවා ස්ථාපිත කිරීමට ද එකඟතාව පළ විය.

ආපදා තත්ත්වය හමුවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සලකා බලා , හෙට දිනය (නොවැම්බර් 29) දක්වා කාලය තුළ සියලුම දුරකථන සම්බන්ධතා අක්‍රීය කිරීමකින් තොරව ජනතාවට අඛණ්ඩව ලබා දීමට සේවා සම්පාදකයෝ එකඟ වූහ. තවද, නොවැම්බර් 29 වන දින දක්වා ආපදා තත්ත්වය මත දුරකථන ටොප් අප් (Top Up) කිරීමේ අපහසුතා හේතුවෙන්, පෙර ගෙවුම් ශේෂය රු: 10 දක්වා පහත වැටුණු විට සීමිත කාලයක් සඳහා සීමා සහිත මිනිත්තු ප්‍රමාණයක නොමිලේ ඇමතුම් ලබා ගැනීමේ සහ සීමා සහිත ඩේටා ප්‍රමාණයක් සහිත අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදීමට ද ජංගම දුරකථන සේවා සමාගම් එකඟ වී තිබේ.

මෙමගින්, ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට තම හිතවතුන් සහ අත්‍යවශ්‍ය සේවා සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම අපේක්ෂා කෙරේ. තවදුරටත්, සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ අඛණ්ඩව සිදු කෙරෙන අතර, හැකි ඉක්මනින් සියලු සන්නිවේදන සේවා සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට රජය සහ සේවා සපයන්නන් එක්ව කටයුතු කරමින් සිටියි.

பேரிடர் பாதித்த பகுதிகளில் தகவல் தொடர்பு வசதிகளை மீட்டெடுப்பது

பேரிடர் பாதித்த பகுதிகளில் தகவல் தொடர்பு வசதிகளை விரைவாக மீட்டெடுப்பது குறித்து விவாதிக்க இன்று (நவம்பர் 28, 2025) ஒரு சிறப்பு கூட்டம் நடைபெற்றது. டிஜிட்டல் பொருளாதார பிரதி அமைச்சர் கௌரவ எரங்க வீரரத்ன தலைமையில் நடைபெற்ற இந்தக் கூட்டத்தில், தொலைத்தொடர்பு ஒழுங்குமுறை ஆணையத்தின் (TRCSL) இயக்குநர் ஜெனரல் பந்துல ஹேரத், TRCSL அதிகாரிகள், பேரிடர் மேலாண்மை மைய அதிகாரிகள் மற்றும் முப்படை பேரிடர் மேலாண்மை பிரிவின் உறுப்பினர்கள் கலந்து கொண்டனர். கூடுதலாக, மொபைல் போன் சேவை வழங்குநர்களின் தலைமை நிர்வாக அதிகாரிகள் மற்றும் மூத்த பிரதிநிதிகளும் இந்தக் கலந்துரையாடலில் கலந்து கொண்டனர்.

தொடர்பு இணைப்புகள் துண்டிக்கப்பட்ட இடங்களில் தகவல் தொடர்பு இணைப்புகளை மீட்டெடுப்பதற்கு எடுக்கக்கூடிய குறுகிய கால மற்றும் நீண்ட கால தீர்வுகள் குறித்து விரிவாக விவாதிக்கப்பட்டது. அதன்படி, சேதமடைந்த தகவல் தொடர்பு உள்கட்டமைப்பை அவசரமாக சரிசெய்ய பேரிடர் மேலாண்மைத் துறை மற்றும் முப்படையினரிடம் கேட்டுக் கொள்ளப்பட்டுள்ளது. மின் தடை காரணமாக இணைப்புகள் துண்டிக்கப்பட்ட இடங்களுக்கு காப்பு மின் வசதிகளை வழங்கவும், அவற்றை உடனடியாக நிறுவவும் மின்சார வாரியத்துடன் கலந்துரையாட பேரிடர் மேலாண்மைப் பிரிவு தேவையான வழிமுறைகளை வழங்கியதுடன், மின் தடை காரணமாக இணைப்புகள் துண்டிக்கப்பட்ட இடங்களுக்கு காப்பு மின் வசதிகளை வழங்கவும், அவற்றை உடனடியாக நிறுவவும் மின்சார வாரியத்துடன் கலந்துரையாட ஒப்புக்கொண்டது.

பேரிடரை எதிர்கொள்ளும் போது மக்கள் எதிர்கொள்ளும் சிரமங்களைக் கருத்தில் கொண்டு, சேவை வழங்குநர்கள் நாளை (நவம்பர் 29) வரை அனைத்து தொலைபேசி இணைப்புகளையும் செயலிழக்கச் செய்யாமல் மக்களுக்கு வழங்குவதைத் தொடர ஒப்புக்கொண்டனர். மேலும், நவம்பர் 29 வரை பேரிடர் காரணமாக தொலைபேசிகளை அழைப்பதில் உள்ள சிரமங்கள் காரணமாக, மொபைல் போன் சேவை நிறுவனங்கள், ப்ரீபெய்ட் இருப்பு ரூ. 10 ஆகக் குறையும் போது, ​​குறிப்பிட்ட காலத்திற்கு, குறிப்பிட்ட அளவு நிமிடங்கள் மற்றும் இலவச இணைய வசதிகளுடன் இலவச அழைப்பை வழங்கவும் ஒப்புக்கொண்டுள்ளன.

இதனால், பேரிடரால் பாதிக்கப்பட்ட மக்கள் தங்கள் அன்புக்குரியவர்களுடன் தொடர்பைப் பேணுவதற்கும் அத்தியாவசிய சேவைகளுக்கும் தேவையான வசதிகளை வழங்க எதிர்பார்க்கப்படுகிறது. மேலும், தொலைத்தொடர்பு துறையால் தகவல் தொடர்பு வசதிகளை மீட்டெடுக்கும் செயல்முறை மேற்கொள்ளப்பட்டு வருகிறது. ஒழுங்குமுறை ஆணையத்தின் மேற்பார்வையின் கீழ் பணிகள் நடந்து வருகின்றன, மேலும் அனைத்து தகவல் தொடர்பு சேவைகளையும் விரைவில் முழுமையாக மீட்டெடுக்க அரசாங்கமும் சேவை வழங்குநர்களும் இணைந்து பணியாற்றி வருகின்றனர்.

Restoring Communication Facilities in Disaster-Affected Areas

A special meeting was held this Morning (28th November 2025) to discuss the rapid restoration of communication facilities in areas affected by the disaster situation. This meeting, chaired by the Eng. Eranga Weeraratna, Hon. Deputy Minister of Digital Economy, was attended by the Director General of the Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL), Air Vice Marshal (Rtd.) Bandula Herath, TRCSL officials, officials of the Disaster Management Centre, and members of the Disaster Management Units of the Tri-Forces. In addition, Chief Executive Officers and senior representatives of mobile telecommunications service providers also participated in the discussion.

During the meeting, extensive discussions were held on both short-term and long-term solutions that can be implemented to restore communication links that have been disrupted. Accordingly, necessary directives were issued for the Disaster Management Department and the Disaster Management Units of the Tri-Forces to work together to promptly repair the damaged communication infrastructure.

Agreement was also reached to coordinate with the Ceylon Electricity Board to swiftly install backup power facilities in locations where connections have been disrupted due to power outages. Taking into consideration the difficulties faced by the public during the disaster situation, service providers agreed to ensure uninterrupted telephone connectivity for the public until tomorrow (29th November), without any disconnections.

Furthermore, due to difficulties in topping up mobile credit resulting from the disaster situation, mobile service providers have also agreed to provide a limited number of free call minutes and a limited amount of free data for internet access when the prepaid balance falls below Rs. 10, valid until 29th November.

Through these measures, it is expected that people affected by the disaster will be able to maintain essential communication with their loved ones and vital services. The process of restoring communication facilities will continue uninterrupted under the supervision of the Telecommunications Regulatory Commission of Sri Lanka, and the Government together with service providers is working to fully restore all communication services as soon as possible.

image 01image 02image 03